ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලන ලද පරමාණු සහ ජලකර බෝම්බ මඟින් මු`ඵමනින්ම ජපානය විනාශ වී ගියේ ජපන් ජනතාවගේ අනාගත දරුපැටවුන්ට පවා තම රටට එල්ල වූ අවාසනාවන්ත ප්‍රහාරයේ විවිධ වූ බලපෑම් අත්විඳීමට සලස්වමිනි. විකෘති පෙනුමැති දරුවන් ඉපදීමට අමතරව විවිධ වූ ලෙඩ රෝග ජපන් ජනතාව අතර බහුල වන්නට විය. චර්ම රෝග, පිළිකා, වකුගඩු අමාරු ඇතු`ඵ අනේකවිධවූ ලෙඩරෝග ජපානයට සුලභ වෙමින් පැවැති අතර මනුෂ්‍යයන්ගේ ආයුකාලය වසර 30 - 40 අතර සීමාවන්නට විය. පවතින අවාසනාවන්ත තත්ත්වයෙන් ජපානය මුදවා ගැනීමේ අදිටනින් යුතුව 1950 වසරේදී ජපන් වෛද්‍යවරු සහ විද්‍යාඥයින් කණ්ඩායමක් සොබාදහමේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය වූ ජලය මූලික කරගත් ඉතා වැදගත් තීරණාත්මක පර්යේෂණයක් ආරම්භ කරන්නේ සියලූ ලෙඩරෝග සෝදාහැරීමට ජලය ශක්තිමත් කිරීමේ අභියෝගාත්මක ක්‍රියාවලියකට අභිමානයෙන් යුක්තව මුහුණ දෙමිනි.
1974 ඔක්තෝම්බර් අවසානය වන විට 24 වසරක් පුරා නොනැවතී දිරිමත්ව කරන ලද තම පර්යේෂණයේ අභියෝග ජයගනිමින් මෙම පර්යේෂක කණ්ඩායම අතිසාර්ථක ප්‍රතිඵල ලබාගත්තේය. ඉතාමත් බලවත් සක්‍රීය ජල ප්‍රබේදයක් වූ මෙය ”කැන්ගන්ට්’’ යනුවෙන් නම් කරන ලදී. එතැන් සිට ජපානයේ සියලූම රෝහල්වල රෝගීන් හට මෙම කැන්ගන් පානීය ජලය ලබාදුන් අතර ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය නිවැරදිව වර්ධන තත්ත්වයට පත්වී මරණ සංඛ්‍යාව වේගයෙන් අඩුවී සුවපත් වන්නන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වන්නට විය. අනිවාර්යයෙන්ම කකුලක් ඉවත් කළ යුතුයැයි වෛද්‍යවරු නිර්දේශ කළ රෝගීන් නැවතත් දෙපයින් ඇවිද නිවසට ගියෝය. සුවපත් කළ නොහැකි යැයි සම්මත වූ රෝගීහූ ද නිරෝගී මනුෂ්‍යයෝ ලෙස ජීවත් වූහ. 1994 දී ජපානයේ නිවාස වල පාවිච්චිය සඳහා කැන්ගන් වතුර නිර්මාණය කරන කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර නිපදවා ජපන් ජාතිකයින්ට ලබාගැනීමේ පහසුකම් සැළසීය. |